ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පළමු පත්කිරීම ලෙස ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කළමනාකරු ලෙස සේවය කළ සූසී වයිල්ස් මෙලෙස ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
ඇය ඇමෙරිකා ඉතිහාසයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත්වූ පළමු කාන්තාව ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.
පසුගිය මැතිවරණ සමයේ දී ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කළමනාකරු ලෙස මෙන්ම ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
මේ අතර ඇමෙරිකාව තුළ අනවසරයෙන් රැදී සිටින සංක්‍රමණිකයින් එරටින් පිටුවහල් කිරීම හැර වෙනත් පිළියමක් නොමැති බවයි තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරන්නේ.