රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඒ අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි.
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පිරමීඩ මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි දහසක පමණ මුදලක් ප්‍රමාණයක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
තැන්පත්කරුවන් 2,500කගේ පමණ මුදල් වංචා කර ඇති බවයි හෙළිවී ඇත්තේ.
මෙරට ප්‍රධාන බැංකු තුනක මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11ක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.