පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතියකින් තොරව මෙරටට ගෙන්වූ කෘෂි රසායන සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය පොලීසියට ලැබුණ තොරතුරකට අනුව බල්ලපාන ප්රදේශයේ දීයි වැටලීම සිදුකර තිබෙන්නේ.
තීරුබදු රහිතව ගෙන්වූ කෘෂි රසායන පැකට් 1,200ක් සොයාගැනීමට හැකිවුණා.
ඒ ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටියදීයි.
සැකකරුවන් මොරටුව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි දිවුලපිටිය පොලීසිය පවසන්නනේ.