වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතිවිය හැකි ආපදා වළක්වා ගැනීමේ අරමුණෙන් තීන්දු රැසකට එළඹ තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ හා දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්යක්ෂ රංජිත් අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ජනතාවට එල්ලවන බලපෑම් අවම කිරීමයි මූලික අරමුණ.
ජලය කඩිනමින් බැසයාහැකි පරිදි අමුණු හා කානු පද්ධති සකස් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ආපදාවලින් බලපෑම් එල්ලවුවහොත් අවශ්‍ය සහන සැලසීම සඳහා මුදල් වෙන්කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා වුණා.