ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කළ බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
ආරක්ෂක අමාත්‍යංශය පසුගිය මස 6 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි දක්වා තිබුණේ සිවිල් පුද්ගලයන් හට ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් බලපත්‍ර සහිත ගිනි අවි ඊයේ දිනට පෙර වැලිසර පිහිටි නාවික හමුදාවේ රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙසයි.
නමුත්, දැනට විදේශගතව සිටින බලපත්‍රලාභීන් හා විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලිම් සලකා එම ගිනි අවි භාරදිමේ කාලසීමාව මේ මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව සියලුම බලපත්‍රලාභින් දැනුවත් කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.