ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළව මෙසේ නිල සංචිත ඉහළ ගොස් ඇති බවයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
මෙලෙස ශ්රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්රමාණය ඩොලර් බිලියන හය ඉක්මවු අගයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුවයි.
2024 ඔක්තෝබර් මාසයේ දී නිල සංචිත වත්කම් හි කැපී පෙනෙන ඉහළ යාමක් පවතින බවයි ශ්රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.
එහිදී සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන පන්දහස් නවසිය අනූහතරක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්රමාණය ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6467ක් දක්වා වර්ධනය වී තිබුණා.
මෙය සියයට 7යි දශම 9ක කැපී පෙනෙන ඉහළ යාමක්.
මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසයේ ඩොලර් මිලියන 42ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
එය සියයට 5යි දශම 8ක වැඩිවීමක්.
මෙම නිල සංචිත වත්කම්වල ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිත ද 7.3% ඉහළ ගොස් තිබුණා.
මෙම නිල සංචිත වත්කම් තුළ ඇමෙරිකා ඩොලර් බිලියන 1.4 පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමේ ලැබීම් අන්තර්ගත වනවා.
එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බවයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.