බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් එම පියවර ගෙන ඇත්තේ, ඔහුට එල්ල වී ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව බවයි වැඩිදුරටත් එම මාධ්‍ය සඳහන් කරන්නේ .
මොහු මේ වනවිට සිය පවුලේ සාමාජකයින් සමඟ ඇමරිකාවේ පදිංචිව සිටින අතර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ද පසුගිය දා පළමු වරට චෝදනා එල්ල වූ බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .