2024 වසර ලොව උණුසුම්ම වසර ලෙස වාර්තා වනවා.
යුරෝපීය දේශගුණ සේවය සඳහන් කරන්නේ 2024 වසර තියුණු තාප තරංග හා මාරාන්තික කුණාටු වලින් පිරුණු වසරක් බවයි.
වසර පුරා ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5ට වඩා අඩු අගයක පැවතිය යුතු වනවා.
එහෙත් එය කඩ කරන පළමු වර්ෂය 2024 බවයි වාර්තා වන්නේ.
මෙම ඉහළ උෂ්ණත්වයන් ඇති වීමට මිනිසා විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් හේතු වනවා.
එල් නිනෝ කාලගුණ රටා වැනි ස්වභාවික සාධකවලින් ද ඊට සුළු දායකත්වයක් ලැබෙනවා.
විද්‍යාඥයින් පවසන්නේ මෙය ලබන සතියේ අසර්බයිජානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ කාලගුණ සමුළුවට හෙවත් කොප් 29 සමුළුවට අනතුරු ඇඟවීමක් වනු ඇති බවයි.