ඊශ්‍රායල ප්‍රහාරවලින් නැගෙනහිර ලෙබනනයේ 40 දෙනෙකු මියගිය බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යශය පවසනවා.
ඊශ්‍රායල නිලධාරියෙකු පැවසුවේ බාල්බෙක් හා බෙකා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ ක්‍රියාකාරීන් එම ප්‍රහාර වල ඉලක්කය වී තිබෙනවා.
මේ අතර යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන බාල්බෙක් නගරයේ රෝම නටබුන් ආශිත පිහිටි ඔටෝමන් යුගයේ ගොඩනැගිල්ලකට ද මෙම එක් ප්‍රහාරයකින් බරපතල හානි සිදුව ඇති බව ලෙබනන සංස්කෘතික අමාත්‍යවරයා සඳහන් කළා.
ඊශ්‍රායලය ප්‍රහාර දකුණු බේරූට් වෙත ද එල්ල වී තිබෙනවා.
හිස්බුල්ලා අණදෙන මාධ්‍ය ස්ථාන, ආයුධ ගබඩා සහ අනෙකුත් යටිතල පහසුකම්වලට පහර දුන් බවයි ඊශ්‍රායලය සඳහන් කළේ.
මේ අතර, ලෙබනනයේ සිට හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකින් උතුරු ඊශ්‍රායලයේ කිබුට්ස් අසලදී ඊශ්‍රායල ජාතිකයෙකු මිය ගිය බව වාර්තා වනවා.