බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය කිරීමට නුසුදුස්සෙකු බව එරට විපක්ෂය චෝදනා කරනවා.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා හැරීමත් සමගයි මෙම චෝදනාව එල්ල කර ඇත්තේ.
අගමැතිවරයාගේ සිතුවිලි දේශපාලනික බවත්, ඔහුගේ සමීප මිතුරන් පවා ඔහුගේ වැරදි පෙන්වාදීමට බිය බවත් විපක්ෂය කියා සිටිනවා.
පළපුරුද්දක් නොමැති ඇමතිවරයෙකු ආරක්ෂක ඇමති ලෙස පත් කිරීම හෙළා දකින බවයි විපක්ෂ නායකයින් පෙන්වාදෙන්නේ.
නෙතන්යාහුගේ මතභේදාත්මක දේශපාලන පියවර ගැන සාකච්ඡා කිරීමට විපක්ෂ නායකයින් රැස්වූ අවස්ථාවේයි මේ අදහස් පළවුණේ.