යාපනය ආනෙයිකොට්ටෙයි ප්රදේශයේ පිහිටි නිවසකට ඊයේ ( 6) දින තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසක දේපළ රැසකට හානි සිදුව ඇති බව යාපනය මාණිප්පායි පොලීසිය පවසනවා .
මෙම නිවසට යතුරුපැදි දෙකකින් මුහුණු ආවරණයකරගත් පස් දෙනෙකු තියුණු ආයුධ සමඟින් පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ පාපැදි හා යතුරුපැදිවලටද බරපතළ හානි කොට නිවසේ දොර ජනෙල් වලට හා බඩු බාහිරාදියට හානි කොට පලා ගිය බවට නිවැසියන් විසින් පොලීසියට පැමිණිළ කොට තිබෙන බවයි පොලිසිය පැවසුවේ .
අදාළ පහරදීම සිදු කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා .
සිදුවීම සම්බන්ධයෙන් මාණිප්පායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .