හංවැල්ල, ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ ජල්තර ජනසවි මාවත අසලදී ඊයේ (06) සවස ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා .
අනතුරින් යතුරු පැදියේ පැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි පසු පැදිකරු මෙලෙස මිය ගොස් ඇත්තේ.
මරණකරු වයස අවුරුදු 20ක් වූ වහරක, රුවන්වැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.