හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිද ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
ඔවුන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටත් අධිකරණයට යොමු කළ වීඩියෝ සාක්ෂි රජයේ රස පරික්ෂක වෙත යොමු කරන ලෙසත් නියෝග කෙරුණා.
නීති විරෝධිව විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කළ බවට වන චෝදනාවට අදාළව ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.
එහිදී නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි ඔවුන් ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ.
ඔහු පැවසුවේ සැකකාර රත්වත්තේ මහතා ඔහුගේ පළමු බිරිඳට අයත් වාහනයක අංක තහඩුව සහ චැසි අංකය භාවිත කරමින් අවස්ථා ගණනාවකදී මෙම වාහනය භාවිත කර ඇති බවයි.
ඒ බවට වන වීඩියෝ සාක්ෂි ද ඔහු අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ රාජ්‍ය අමාත්‍යවරයා මෙම මානව හිමිකම් කොමිසමට ගොස් එහිදී මාධ්‍ය ට ප්‍රකාශයක් ලබාදීමට අදාළ වීඩියෝවකුයි.
වාහනය සර්විස් කිරීම සඳහා අවස්ථා දෙකකදී අදාළ සමාගම වෙත යොමු කර ඇති බවට එම ආයතනවලින් ලබාගත් ඉන්වොයිස්පත් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම ප්‍රශ්නගත වාහනය රුපියල් මිලියන 33කට අධික බැවින් රේගු ආඥා පනත යටතේ ගැනෙන වරදකට රුපියල් මිලියනයකට වඩා වටින්නේ නම් ඇප ලබාගත හැකි වන්නේ මහාධිකරණයෙන් බවද ඔහු පැවසුවා.
එම වාහනය ගාල් තිබූ සැකකරුගේ දෙවන බිරිඳට අයත් මිරිහාන නිවස සැකකරුවන් දෙදෙනාට පමණක් යා හැකි ස්වයංක්‍රිය ගේට්ටුවකින් සමන්විත බවයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේ.
එය අත්අඩංගුවට ගන්නා විට අංක තහඩුවක් නොතිබූ බව ද ඊට අදාළ ඡායාරූප 04 ක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
වාහනය ෆිල්ටරය මාරු කිරීමට පවා පළමු බිරිඳගේ නමට ඇති වාහන අංකය යොදාගෙන ඇති බවයි පොලීසය පැවසුවේ.
මෙම වාහනය 2020 වසරේ සිට භාවිත කර ඇති බවද අධිකරනය හමුවේ ප්‍රකාශ කෙරුණා.
වාහනය භාවිත කළ රියදුරුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණා.
වාහනයේ අංක තහඩුව සහ චැසි අංකය ව්‍යාජ ඒවා බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හෝ රේගුවේ එය ලියාපදිංචි කර නොමැති බව හෙළි වුණා.
මෙම වාහනයේ වටිනාකම රුපියල් මිලියන 33කට අධික බව සඳහන්.
සැකකරු රේගු හා මුදල් විශුද්ධීකරණ හා පනත් මෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෝටර් රථ ප්‍ර වාහන පනත යටතේ වැරදි සිදු කර ඇති බවයි පොලීසිය දැනුම් දුන්නේ.
විමර්ශන අවසන් වූ වහාම වාහනය රේගුවට භාර දෙන බවද රුවන් ගුණසේකර මහතා පැවසුවා.
රේගුවේ නීති අධ්යක්ෂවරයාද කරුණු දක්වමින් කියා සිටියේ වාහනය රේගුවට භාර දුන් විගස රේගු පරීක්ෂණ ආරම්භ කරන බවයි.
දේශපාලන සන්දර්ශනයක් සඳහා පොලීසිය කටයුතු කර ඇති බවට ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා චෝදනා කළා.
මූලික විමර්ශන අවස්ථාවේම වාහනය රේගු අධ්යක්ෂවරයා යටතට පත් කර පරික්ෂණ ආරම්භ කළ යුතු බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව සුදුසු ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ඔහු ඉල්ලා සිටියා.
රත්වත්තේ මහතාගේ බිරිය වෙනුවෙන් නීතිඥ විදුර මංචනායක මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් කරුණු දැක්වුවා.
ඔවුන් පැවසුවේ මෙම සිදුවීම වී තිබෙන්නේ තම සේවාදායිකාව පළමු සැකකරු සමග විවාහ වීමට පෙර බවයි.
සුදුසු ඕනෑම ඇපයක් මත ඇය මුදාහරින ලෙස ද ඔවන් ඉල්ලා සිටියා.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
විමර්ශනවල ප්‍රගතිය ඉදිරි දිනවල අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට ද නියෝග කළා.
.