රුපියල් කෝටියකට ආසන්න වටිනා විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් ප්රවාහනයට සූදානම් වූ පුද්ගලයෙකු පිටකොටුව 3 වන හරස් වීදිය කේශර් වීදිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසනවා.
සැකකරු භාරයේ තිබී විදේශිය මත්පැන් බෝතල් 210 ක් විදේශීය දුම්වැටි 50000 ක් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබෙනවා.
පුද්ගලයකු විවිධ ප්රදේශවලින් එකතු කරන ලද මත්පැන් සහ දුම් වැටි තොගයක් මහනුවර ප්රදේශයට ප්රවාහනය කිරීම සඳහා සූදානම්ව සිටින බවට පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10 පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරෙනවා.