ITN ටෙලිවිෂන් ඉස්කොලේ ජාතික මානුෂීය අධ්‍යාපන සත්කාරයේ ජාතික උත්සවයේ සමාරම්භය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් සනිටුහන් කෙරුණා.
මානව හිතවාදී ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් මගින් තාර්කික පුරවැසියෙකු නිර්මානය කිරීම උදෙසායි එය ක්‍රියාත්මක කෙරෙන්නේ.
පාසල් මාධ්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ,ජාතික ඒකාබද්ධතා ,සමාජ ආරක්ෂණ , ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ITN මාධ්‍ය ජාලය මෙම ජාතික වැඩසටහන සංවිධාන කරනවා.
පාසල් දරුවන්ගේ සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යයන විෂය සංවර්ධනය සහ ඊට අදාළ වෘත්තීමය වටිනාකම ලබාදීම, දියුණු පාසල් මාධ්‍ය සාක්ෂරතාවක් ගොඩගැනීම හා තාර්කික පුරවැසියෙකු නිර්මාණය කිරීම එහි අරමුණයි.
ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ වුයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න , අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අධ්‍යාපන ගුණාත්මක සංවර්ධණ ආචාර්ය නිශාද් හදුන්පතිරණ , රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර , ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
විදුහල්පතිනී එම්.ජී.ආර්.වසන්තා කුමාරි මහත්මිය ඇතුළු ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා.