කූඨ ලේඛන සකස් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් අනුවයි වැටලීම සිදුකළේ.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල මුද්‍රාව සහ අත්සන සහිත කූඨ ලේඛණ තොගයක් සොයා ගැණුනා.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට මෙම ලේඛණ මුදලට සකස් කර දී ඇති සැකකරු ද හිගුරක්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
ඔහු සන්තකයේ තිබි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , මධ්‍යම පරිසර අධිකාරිය , ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන රැසක ලේඛන, විභාග සහතික , මුදල් භාරගැනීමේ කුවිතාන්සි එම ලේඛන සකස් කිරීමට භාවිත කරන ලැප්ටොප් යන්ත්‍රයක් සහ ලේඛණ දත්ත ගබඩා කර ඇති පෙන්ඩ්‍රයිව් 4ක් සොයා ගැණුනා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 හා 42 යන වයස්වල පසුවන පොලොන්නරුව සහ හිගුරක්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය විමර්ශන සිදුකරනවා.