ජනාධිපතිවරණයෙන් ජයගත් ඇමරිකා හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් මේ වනවිට මැතිවරණ විද්යාල 295ක බලය තහවුරු කරගෙන තිබෙනවා.
ඇමරිකා ජනාධිපතිවරණයේ ප්රතිඵල තවදුරටත් නිකුත් වෙමින් පවතින අතර මැතිවරණ විද්යාල 17ක ප්රතිඵල අපේක්ෂාවෙන් පසුවනවා.
ට්රම්ප්ගේ ප්රතිවාදී අපේක්ෂිකා කමලා හැරිස් ලබාගෙන ඇත්තේ මැතිවරණ විද්යාල 226ක බලය පමණයි.
ට්රම්ප් ජෝර්ජියා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්රධාන ප්රාන්ත රැසක බලය ද තහවුරු කරගත්තා.
ඔහු ජයග්රහණය කරන ලද නවතම සටන් බිම වන්නේ මිචිගන් ප්රාන්තයයි.
ඩොනල්ඩ් ට්රම්ප් ඇමරිකා ජනාධිපති ධුරයට පත්වන්නේ ඔහු මීට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ලැබූ පරාජයෙන් වසර 4කට පසුව සිය දෙවන ධුර කාලය සඳහායි.
මේ අතර ජයග්රහණය ප්රකාශ කිරීමෙන් පසු ලෝක නායකයින් රැසක් ට්රම්ප්ට සුබ පැතීමට කටයුතු කළා.
මේ අතර මෙම මැතිවරණයත් සමග රිපබ්ලිකන් පක්ෂය ද සෙනෙට් සභාවේ බලය යළි තහවුරු කරගත්තා.