ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි සහ පතොරම් නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය නොවැම්බර් මස 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය අප කළ විමසීමකදී සඳහන්. කළේ.
ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.