පොළොන්නරුව, මුස්ලිම් කොලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ සිට නිවසට කාර් රථයෙන් පැමිණි අවස්ථාවේදී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ ඊයේ (05) රාත්‍රියේ මෙම පුද්ගලයා බිම වැටී සිට ඔහුගේ පුතා විසින් පොළොන්නරුව රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවයි .
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ මුස්ලිම් කොලණිය, කඳුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.