මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අය සඳහා හෙට සහ අනිද්දා ඒ සඳහා අවස්ථාව පවතිනවා.
ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වුණා.
ඒ දිස්ත්‍රික් තේරීම්භා නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන්.
ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද ගණන් කිරිමේ කටයුතු මෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී තිබෙනවා.