මහනුවර ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් රු ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණිමට උත්සහ කිරිමේදී එම හිමි නම අත්අඩංගුවට ගැනීමට මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා .
ගජ මුතු දෙක සහ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර හිමි නම (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බවයි සඳහන් වන්නේ .