ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපති ලෙස ගීතාමණී කරුණාරත්න සහ නව කළමනාකරණ අධ්යක්ෂ ලෙස වෛද්‍ය එම්.ජේ මාරසිංහ පත්කොට තිබෙනවා .
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම පත්වීම් සිදුකොට ඇති අතර නව නිළධාරීන් දෙදෙනා සිය ධුරයන්හී වැඩ බාර ගැනීම ඊයේ (05දින) මහරගම නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ .
ගීතාමණී කරුණාරත්න මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශේණියේ නිලධාරිනියක වන අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා රැදවියන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කර තිබෙනවා .
රුහුණු විශ්වවිද්‍යාලයේ වානිජවේදී උපාධිධාරිනියක සේම ශ්‍රී ජයවර්ධනපුර ව්ශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක වන එතුමිය සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ තනතුරු දරමින් කටයුතු කළ අත්දැකීම් බහුල නිලධාරිනියක් .
කළමනාකාර අධ්යක්ෂ ලෙස පත්වූ වෛද්‍ය එම්.ජේ මාරසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ ස්වදේශ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානී ලෙස මෙන්ම කලක් ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍යධිකාරි ලෙස ද කටයුතු කර තිබෙනවා .
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හදාරා ඇති අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද, කැලණිය විශ්වවිද්‍යාලය මගින් රෝහල් පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමවද, වයඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද හදාරා තිබෙන බවයි සඳහන් වන්නේ .