මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා .
එම පිරිස ආයතන 88 කින් තෝරා ගන්නා බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා හජ් කමිටුව විසින් ලකුණු දීමේ ක්‍රමවේදයකට අනුව අදාල ආයතන 88 තෝරාගෙන තිබෙන බවයි සඳහන් කළේ.
මෙම ආයතන 88 ට කෝටා ක්‍රමයක් යටතේ මෙම 3500 බෙදා දී තිබෙන අතර යමක් කමක් තිබෙන අයම හජ් වන්දනාවේ යැවීමට මැදිහත් නොවී ආර්ථික අපහසුතා ඇති බස්නාහිර පළාතෙන් බැහැර දුරස්ථ ප්‍රදේශ වල අයටත් අවස්ථාව ලබා දෙන්නැයි එම ආයතන වලින් ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා .
මෙම 3500ක කෝටාව සාධාරණ අයුරින් බෙදා දෙනු ඇති බවයි විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේ.