ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තය ගංවතුරට යට වූ සිදුවීමේ උණුසුම මැකී යෑමටත් පෙර එරට බාසිලෝනා නගරයටත් දැඩි වර්ෂාවක් ඇඳ හැලීමෙන් ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
පෙරේදා ඇඳ හැලුණු මේ වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් බාසිලෝනා නුවර එල් ප්‍රැට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද යට වී ඇති අතර, ගුවන් ගමන් 70ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන් ගමන් 50ක් එරට වෙනත් නගරවල ගුවන්තොටුපොළට ගොඩබැස්වීමටත් බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.