ට්‍රම්ප් ජයග්‍රහණය ප්‍රකාශ කල ද කළ ද කමලා හැරිස් එය පිළිගන්නේ නැති බව ප්‍රකාශ කරනවා.
රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්රටික් ප්‍රතිවාදියා වන කමලා හැරිස්ට එරෙහිව ජයග්‍රහණය ප්‍රකාශ කර ඇත්තේ පෙන්සිල්වේනියාව, උතුරු කැරොලිනා සහ ජෝර්ජියා යන ප්‍රධාන සටන් බිම් ජය ගනු ඇතැයි පුරෝකථනය කිරීමෙන් පසුවයි.
රිපබ්ලිකන් පක්ෂය ද සෙනෙට් සභාවේ පාලනය නැවත ලබා ගැනීමට හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කර තිබුනා.
කෙසේ වෙතත් ට්‍රම්ප් මේ වන විට මැතිවරණ විද්‍යාල චන්ද 267ක බලය තහවුරු කරගෙන සිටිනවා.
හැරිස් ට ලැබී ඇත්තේ 224ක බලය පමණයි.
ඇමරිකා ජනාධිපති ධූරය දිනා ගැනීමට නම් අපේක්ෂකයෙකු අවම වශයෙන් මැතිවරණ ඡන්ද 270ක් ලබා ගත යුතු වනවා.