මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ගේ වීසිරයාමේ පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ දී අභිමානවත් අයුරින් පැවැත්වුණා.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සඳහා පිටත්වයාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10 වන කණ්ඩායම සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 88 දෙනෙකු ඇතුලත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක රාජකාරී සඳහා සම්බන්ධවිම තුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක් පමණ මුදලක් මහ භාණ්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කර තිබුණා.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු අනුයුක්ත කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංග්‍රාමික මෙහෙයුම් වලට දායකත්වය ලබා දීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා සහාය දැක්වීම සිදු කරනු ලබනවා.