අධිකරණ අමාත්‍යාංශයේ හා එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය පිළිබඳව එම ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඦාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා .
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ලබාදීමේ ධාරිතාවය තවදුරටත් වැඩි කිරීම, සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වී තිබෙන බවයි සඳහන් වන්නේ .
නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන, නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ, දිල්රුක්ෂි සමරජීව, රජයේ රස පරීක්ෂක සන්ධ්‍යා රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා .