ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා .
ඒ, 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන් .
ඊට අමතරව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කර බවයි සඳහන් වන්නේ .