ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් තේරීපත්ව තිබෙනවා.
ඒ අනුව මැතිවරණ විද්යාල 270ක බලය තහවුරු කර ගැනීමට ට්රම්ප්ට හැකිවුණා.
කමලා හැරිස් ලබා ගෙන ඇත්තේ මැතිවරණ විද්යාල 214ක බලය පමණයි.
ඇමෙරිකාවේ 60 වන ජනාධිපතිවරණයයි ඊයේ පැවැත්වුණේ.
ලෝක දේශපාලනයට වැඩිම බලපෑමක් එල්ල කළ හැකි මැතිවරණයක් ලෙස ඇමෙරිකා ජනාධිපතිවරණය සැලකෙනවා.
මෙවර මැතිවරණය ඇමෙරිකා ඉතිහාසයේ තරගකාරීම මැතිවරණයක් බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.