තීරු බදු නොගෙවා අලෙවි කිරීමට සූදානම් කර තිබු විදේශ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට ජයවර්ධනපුර සුරාබදු ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
රාජගිරිය ප්රදේශයේ සිදුකළ වැටලීමකදීයි දුම්වැටී 5400කට අධික ප්රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගැණුනා.
එම දුම්වැටී තොගයේ වටිනාකම ලක්ෂ 5කට අධිකයි.
සුරා බදු කොමසාරිස් ජනරාල් යූ ඩී එන් ජයවීර මහතාගේ උපදෙස් පරිදි සහකාර කොමසාරිස් ජයන්ත සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේයි ජයවර්ධනපුර සුරා බදු ස්ථානයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.