ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විදෙස් ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා දින වෙන් කර ගැනීම මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කළා.
ඒත් සමගම අද දිනයේදී එම දෙපාර්තමේන්තු පරශ්රයේ පැවතියේ ඉතා සාමකාමී වටපිටාවක්.
වෙනදාට ඉතා කලබලකාරී ස්වරූපයක් ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද දිනයේ ජනතාව මනා හික්මීමකින් රැඳී සිටින අයුරු අප වාර්තාකරුවන්ට දැකගත හැකි වුණා.