ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා .
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මහාචාර්ය චන්දිම විජයබණ්ඩාර මහතා පසුගියදා අභාවප්‍රාප්ත වන විට 80 වන වියෙහි පසුවුණා.
ඔහු බෞද්ධ ආගමට අනුව භාවනා ක්‍රම සම්බන්ධයෙන් දෙස් විදෙස් දේශන පවත්වා ඉමහත් කීර්තියක් හිමිකරගෙන සිටියා.
විවිධ ග්රන්ථ සහ ශාස්ත්‍රීය ලිපි රැසක් ඔහු ලියා පල කර තිබෙනවා.
බෞද්ධ ශිෂ්ඨාචාරයේ මූලධර්ම / බෞද්ධ චින්තනය / බුදුසමය හා සමාජය ආදී ග්රන්ථ ඒ අතර වනවා.
අභාවප්‍රාප්ත මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාගේ දේහය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේ තැන්පත් කර තැබීමෙන් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත භාරදෙනු ලැබුවා.