ශ්රී ලංකා රේගුව රේගු ප්රකාශන සහ බහාලුම් සඳහා නව ට්රැකින් සිස්ටම් එකක් නැතිනම් ලුහුබැඳීමේ පද්ධතියක් හඳුන්වාදී තිබෙනවා.
නව හඳුන්වාදීමත් සමග වෙළෙඳුන්ට සහ පාර්ශවකරුවන්ට ඔවුන්ගේ භාණ්ඩ නිෂ්කාශන ක්රියාවලිය නිරීක්ෂණය කළ හැකියි.
රේගු ප්රකාශනවල වත්මන් තත්ත්වය භාණ්ඩ නිෂ්කාශන තත්ත්වය සහ අදාළ බදු තොරතුරු ඇතුලු නවතම යාවත්කාලීන කිරීම් මෙහිදි නිරීක්ෂණය කළ හැකි වීම විශේෂත්වයක්.
ඒ සඳහා ටින් අංකය සහ කස්ඩෙක් අංකය භාවිත කිරීමෙන් අද සිට මෙම තොරතුරු ලබාගත හැකි බවයි ශ්රී ලංකා රේගුව පවසන්නේ.
ශ්රී ලංකා රේගු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.