අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා හැරීමත් සමග ඊශ්‍රායලයේ විරෝධතා මතුවී තිබෙනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා හැරීමත් සමඟ මෙලෙස විරෝධතා මතුව තිබෙනවා.
දෙදෙනා අතර විශ්වාසය පිළිබඳ ගැටලුවක් තම තීරණයට හේතු වූ බව නෙතන්යාහු පවසනවා.
පසුගිය කාලයේදී ගැලන්ට් පිළිබඳ තම විශ්වාසය පළුදු වී ඇති බවත් විදේශ ඇමති ඊශ්‍රායල් කැට්ස් ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කරන බවත් නෙතන්යාහු කියා සිටියා.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් ගැලන්ට් පැවසුවේ, කරුණු තුනකට එකඟ නොවීම හේතුවෙන් ඔහු ඉවත් කිරීමට නෙතන්යාහු කටයුතු කළ බවයි.
මෙම තීරණයට එරෙහිව බොහෝ විරෝධතාකරුවන් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා වලට එක්ව සිටිනවා.