ඇමරිකා ජනාධිපතිවරණයේ අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු උපන් ප්‍රදේශය වන ෆ්ලොරිඩාවේ බලය තහවුරු කරගෙන තිබෙනවා.
කමලා හැරිස්ගේ උපන් ප්‍රදේශය වන ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණය අවසන් වීමට ආසන්නව තිබෙනවා.
ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් සහ ඇගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් තරගවදින්නේ ඇමරිකාවේ 47වන ජනාධිපති ධූරය සඳහායි.
මේ වන විට අපේක්ෂකයින් දෙදෙනා ඔවුන් ජයගනු ඇතැයි අපේක්ෂා කළ ප්‍රාන්ත ගණනාවක් ජයග්‍රහණය කර තිබීමද විශේෂත්වයක්.
ඊයේ ආරම්භ වූ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම බොහෝ ප්‍රදේශවල බොහෝ දුරට සාමකාමීව පැවැති අතර රටේ සමහර ප්‍රදේශවල ඡන්ද විමසීම් අවසන් වීමට ආසන්නව තිබෙනවා.
පූර්ව මැතිවරණ දින සමීක්ෂණ මගින් අපේක්ෂකයින් දෙදෙනා ප්‍රාන්ත හතක දැඩි තරඟයක් පෙන්නුම් කළා.
ඒ ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්ත වලයි.
ජනාධිපති ධූරය දිනා ගැනීමට නම් අපේක්ෂකයෙකුට අවම වශයෙන් මැතිවරණ විද්‍යාල 270 ක් ජයග්‍රහණය කිරීම අවශ්‍ය වනවා.