ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මැතිතුමා අද ( 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ
පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා .
ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ
නිලධාරීන් සුහද සාකච්ඡාවක ද නිරත වූ බවයි සඳහන් වන්නේ .
එහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා .
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් ද සහභාගි වී තිබෙනවා .