ත්රිකුණාමලය නගරයේ පිහිටා ඇති පෞද්ගලික රෝහලක් තුළ දී කාන්තාවක් අද (7) අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා .
එලෙස මියගොස් ඇත්තේ, එම රෝහලේ හිමිකරුගේ බිරිඳයි .
63 හැවිරිදි ඇය රෝහල් තෙවන මහලේ නේවාසිකව සිට තිබෙනවා .
මියගිය කාන්තාව කාමරයට පැමිණෙමින් සිටියදී ඇගේ සැමියාගේ සහෝදරයා විසින් එම ඝාතනය සිදුකරන්නට ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ .
ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරනවා .
ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 55ක් වයසැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ත්රිකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .