ජල දූෂණය අවම කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ලන්ඩන් වැසියන් රජයෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජල දූෂණය අවම කිරීමට අවශ්‍ය පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මධ්‍යම ලන්ඩනයේ දී විරෝධතාවක් ද සංවිධාන කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
බ්‍රිතාන්‍යයේ ගංගාවන් හා සාගරය පිරිසිදු කිරීමට හා ජල දූෂණය අවම කිරීමට පියවර ගන්නා ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
ජල දූෂණය සිදුවන ආකාර පාලනය කිරීමට කටයුතු කර කර්මාන්ත ක්ෂේත්රයෙන් දූෂිත ජලය ගංගාවන්ට එක්වීම පාලනය කිරීමට කටයුතු කරන ලෙස ද ඔවුන් පෙන්වා දෙනවා.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී කර්මාන්ත ක්ෂේත්රයෙන් දූෂිත ජලය පරිසරයට එක්වීම දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති බව විරෝධතාකරුවන් සඳහන් කරනවා.