තම මවගේ ඇඟිලි කොටයක් උඩ තබා වෙන් වෙන්න කපා දැමූ අංගුලිමාල පුතෙක් වැල්ලවායේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
වැල්ලවාය පොලිස් බල ප්රදේශයට පවතින හදපානාගල පුබුදුවැව ගම ප්රදේශයේ දී පුත්රයා විසින් සිය මවගේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන් වෙන සේ කපා දමා තිබෙන අබව්යි සඳහන් වන්නේ .
මවගේ ඇඟිලි කපා දැමු මෙම පුත්රයා විසින් සිය සහෝදරියකට ද පිහියකින් පහර දී තිබෙනවා .
මෙම ප්රහාරය සමඟ ඇඟිලි වෙන් වූ මව සහ සහෝදරිය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ
ජාතික රෝහලට මාරු කර යවා තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ .
සහෝදරිය වැල්ලවාය මූලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින අතර පහරදීම සිදු කළ මෙම අංගුලිමාල පුත්රයා වැල්ලවාය පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකරු පුබුදුවැව ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමට නියමිතයි .
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා .