ඩෙංගු වසංගතය පාලනය කිරීමට ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් නව ක්‍රමවේදයක් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩෙංගු ඇතුලු වසංගත රෝග ව්‍යාප්තියද සිදුකරන මදුරුවන්ගේ පිරිමි සතුන් බිහිරි භාවයට පත්කිරීම හරහා ඔවුන්ට තම වර්ගයා බෝ කිරිමේ හැකියාව නොලැබෙන බවයි එම පරීක්ෂකයින් කණ්ඩායම අනාවරණය කර ගෙන ඇත්තේ.
මදුරුවන් ගුවනේ දී සංවාසය යෙදෙන අතර ගැහැනු මදුරුවාගේ ශබ්දය නොඇසුන හොත් පිරිමි මදුරුවාට ඇය සමග සංවාසයේ යෙදීමට නොහැකි බව ඔවුන් පවසනවා.
ශ්‍රවණ හැකියාව අහිමි වු පිරිමි මදුරුවන් දින තුනක කාලයක් ගැහැනු මදුරුවන් සමග එකම ස්ථානයක රඳවා තැබුව ද ඔවුන් සංවාසය ක්රියාවේ යෙදීමක් සිදුනොකරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ගැහැනු මදුරුවන් රෝග ව්‍යාප්තියද සිදුකරන අතර වර්ගයා බෝවීම අඩාල වීමත් සමග රෝග ව්‍යාප්තියද අඩාල වීමක් සිදුවනවා.
එබැවින් මෙම සොයා ගැනීම ඩෙංගු / කහ උණ හා සීකා ඇතුලු වසංග රෝගයන් පාලනය කිරීමට ඉදිරියේ දී දැවැන්ත පිටුවහලක් වනු ඇති බවයි එම පර්යේෂකයින් කණ්ඩායම පෙන්වා දෙන්නේ.