පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් පමණ මේ වනවිට බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා .
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, එළබෙන (07) දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි .
එළබෙන ( 7) දින දක්වා තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙකු වේනම් තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගත හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .