රුපියල් මිලියන සියයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය 33 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක්.
මැලේසියාවේ සිට පැමිණි ඇයගේ ගමන් මලුවල සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය 5 kg පමණ සොයා ගැනිමට හැකිව තිබෙනවා.
ඇය තායිලන්ත විදේශ ගමන් බලපත්‍රයක් සහිත කාන්තාවක් බවයි රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පවසන්නේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.