බණ්ඩාරගම බොල්ගොඩ ප්රදේශයේදී ත්රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි බණ්ඩාරගම රයිගම් තුඩුව ප්රදේශයේ පදිංචිකරිනියක්.
ඇය ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කරන තරුණියක් බවයි පොලිසිය පවසන්නේ.
ත්රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ මියගිය තරුණියගේ පියා තරුණියගේ මවත් සමඟ පානදුර මාලමුල්ල ප්රදේශයේ විහාරස්ථානයකට ගොස් යළි පානදුර හොරණ මාර්ගයේ නිවස කරා පැමිණෙමින් සිටින අතරදී මෙම අනතුර සිදු ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුරෙන් මවට සහ පියාට කිසිඳු තුවාලයක් සිදු වී නොමැති අතර බරපතළ තුවාල ලැබූ තරුණිය බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව හොරණ දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කර පැය කිහිපයකට පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.