ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14 ක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිතයි.
ඔවුන් පිරිස අද (05) උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්‍රදේශවල සංචාරයෙහි නියැළීමට සැළසුම් කර තිබෙනවා.