විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .
විස්සයි විස්ස පළමු තරගය (09) දිනත් , දෙවන තරගය (10) දිනත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි.
එක් දින සීමිත ඕවර් 50 පළමු තරගය (13) දින දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ත් , ඉතිරි තරග දෙක (17) දින සහ (19) දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරග ලෙසත් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබෙනවා.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 12 දෙනෙකු රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.