බණ්ඩාරගම – පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්රදේශයේදී බස් රථයක් ත්රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 23ක් වූ බණ්ඩාරගම ප්රදේශයේ පදිංචිකාරිනියක්.
බණ්ඩාරගම දෙස සිට පානදුර දෙසට වම් මංතීරුවේ පිළිසකර කටයුත්තක් හේතුවෙන් බණ්ඩාරවෙල දෙස සිට පානදුර දෙසට ධාවනය වූ බස් රථයක් දකුණු මංතීරුවෙන් ධාවනය කර නැවත වම් මංතීරුවට ගැනීමේදී පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් ත්රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ තරුණියක් බරපතළ තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා හොරණ රෝහල වෙත මාරුකර යවා ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.