අයහපත් කාලගුණය නිසා කෑගල්ල නයිගල ප්‍රදේශයේ සිදුවූ නාය යාමක් හේතු කොටගෙන මොරොන්තොට ජල පවිත්‍රාගාරයේ සිට කෑගල්ල නගරය දක්වා ජලය රැගෙන එනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගය හදිසි බිඳ වැටීමකට ලක්වී තිබෙනවා .
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩා හැලුණු ගල් සහිත පස් ස්ථරය ඉවත් කිරීමෙන් අනතුරුව ජල නළ මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා .
මෙම කටයුත්තක් යතාතත්ත්වයට පත්වීමෙන් පසු උස් ස්ථාන වලට ජලය ලැබීමට පැය 72 ක කාලයක් ගත වෙන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව පහත ස්ථානවලට ජලය නොලැබී යාමට ඉඩ ඇති බව සඳහන් .
කෑගල්ල නගරයේ අවට උස් ස්ථාන, මොරොන්තොට, හෙට්ටිමුල්ල, පරගම්මන, රංවල, ඇදුරාපොත, ඇකිරියගල, බෙරගල, කුරුඳු හින්න සහ සියඹලාපිටිය.ජල සැපයුම අත්හිටුවි්මෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුවට පළකර සිටින අතර ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා .