ඉන්දියාවේ බස් රථයක් පෙරලී යාමෙන් පුද්ගලයන් 36 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
හිමාල කඳුකරයේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර මාර්ගයක් ආශ්‍රිතව අනතුර සිදුව ඇති බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ .
රියදුරුට බසය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ .
අනතුර සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදී ද සිය ශෝකය ප්‍රකාශ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා .