ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව එහි අධ්යක්ෂ මණ්ඩලය අවධාරණය කළා.
බලශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සදහා සක්‍රීය දායකත්වය ලබා ගැනීමට සේවක නියෝජනයක් සහිත කමිටුවක් ද පත් කෙරෙනවා.
විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණා.
ආයතනයක් සදහා කාලීන වෙනස්වීම් අත්‍යවශ්‍ය බැවින් නිසි ප්රතිසංස්කරණයක් සිදු කිරීම අනිවාර්යය වනවා.
එබැවින් ජනාධිපතිවරයා ලැබු සමාජ පරිවර්තනීය ජන වරමට අනුරූප වන පරිදි බලශක්ති ක්ෂේත්රයේ නිසි ප්රතිසංස්කරණයක් සිදුකිරීම සැළසුමයි.
විදුලිබල පනත සංශෝධනය කෙරෙන අතර රජයට අයත් බලාගාර / සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.
ඉදිරි වසර 5 තුළ මෙම කලාපයේ අඩුම විදුලි පිරිවැය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම සදහා එක්වන ලෙසද අධ්යක්ෂ මණ්ඩලය ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට ආරාධනා කළා.