ජාතිවාදය ආගම්වාදය සහ ප්රචණ්ඩත්වය ඔස්සේ මැතිවරණය ජයග්‍රහණය කරන්නට උත්සාහදරන පුද්ගලයින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව සිරිල් ගාමිණී පියතුමා පවසනවා.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි පියතුමන් මේ බව සදහන් කළේ.
පාස්කු ප්‍රහාරය දේශපාලන සටන්පාඨයක් කර ගනිමින් ඡන්දය දිනා ගැනීමට උත්සාහ නොදරන ලෙසට සිරිල් ගාමිණී පියතුමා මෙහිදී දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.